ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය

 

කලාප අධ්‍යාපන කාර්යාලය

ඇඹිලිපිටිය

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, ගොඩකවෙල  හා කොළොන්න යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඇඹිලිපිටිය අධ්‍යාපනික කලාපයට ඇතුළත් වේ. මොනරාගල, හම්බන්තොට හා මාතර  යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට දර්ශණීය බුළුතොට හෙල්වැටි මෙන්ම වලවේ නිම්න ව්‍යාපාරයෙන් සශ්‍රීක ගම් දනව් ඇතුලු භූගෝලීය පරිසරයක් පවති. කෘෂිකාර්මික ජීවන ර‍ටාව හා බැඳුණු සංස්කෘතික පරිසරය හා අතීතය පිළිඹිබු කරන ඓතිහාසික ස්ථාන ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ අනන්‍යතා සාධක වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය

 

Zonal Education Director Mr Dasanayake

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

කේ. එමි දසනායක මයා

 

ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ වෙබ් අඩවිය එළිදකින මෙම අවස්ථාවේ ඒ පිළිබඳව සතුට ප්‍රකාශ කරමි. දිගු කාලීනව පැවැති අඩුපාඩුවක් සපුරාලමින් සැකසුණු කලාප වෙබ් අඩවිය කලාපීය දත්ත හා ‍ෙතාරතුරැ ඉක්මනින් හුවමාරැ කර ගැනීමේ මාධ්‍යක් ලෙස වැදගත් වෙයි.කලාපීය සිසු සිසුවියන්ගේ දැනුම පෝෂණය කරමින් ගුණාත්මක අධ්‍යාපනික සංවර්ධනයක් සඳහා මෙන්ම ගුරැ භවතුන්ගේ වෘත්තීය සංවර්ධනයට ද මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. දැනුමැති සමාජයක් කරා ගුරැ සිසු දෙපිරිසම පෙළ ගස්වන අධ්‍යාපනික පසුබිමක් මෙමගින් සැකසෙනු ඇත. ආයතනික වශයෙන් ගත් කළ පාසල් අධ්‍යාපනික කොට්ඨාස, පළාත් අධ්‍යාපනික ආයතන ආදී විවිධ ආයතන හා ක්ෂණිකව සම්බන්ධ වෙමින් තොරතුරැ හුවමාරැ කර ගැනීමට ලැබෙන අවස්ථාව ඉතා වැදගත්ය. 2009 වර්ෂය තොරතුරැ හා සන්නිවේදන වර්ෂය වශයෙන් තොරතුරැ තාක්ෂණය ප්‍රචලිත කිරිමේ ව්‍යායාමයට ඇඹිලිපිටිය කලාප කාර්යාලයද එක්වෙමින් තැබු මෙම පියවර ඉදිරියට තවදුරටත් සංවර්ධනනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර ඒ සඳහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අපගේ දැක්ම

 

 

" සහයෝගීතාවය පදනම් කරගත් සාධාරණතාවයෙන් හා සමානාත්මතාවයෙන් හෙ‍‍බි සම අවස්ථා ඇති නවීකරණකරණය වූ අධ්‍යාපන කලාපයක් බිහි කරලීම. "

අපගේ මෙහෙවර

 

" දැයේ දූ පුතුන් නව සහශ්‍රකයේ දී අභියෝග ජයගත හැකි සාර්ථක පුරවැසියන් ලෙසින් සමාජයට අවතීර්ණ කරවීම උදෙසා අපේක්ෂිත ජාතික පොදු අරමුණු සපුරාලමින් ඔවුන් තුළ දැනුම, කුසලතා, ආකල්ප ඇසුරු කොටගෙන නිපුණතා වර්ධනය වන අයුරින් ඉගෙනුම් ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සංවිධානාත්මකව ක්‍රියාවට නංවමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සමස්ථ ප්‍රජාව දිරිගන්වන අතර ගුණාත්මක වර්ධනයක්ද ඇති වන අයුරින් කටයුතු කිරීම කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙවර වන්නේය. "